brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පළමු එක්දින තරඟය අදයි

03 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබෙනවා. තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය අද ජොහැන්නර්ස්බර්ග් හි ද වොන්ඩරස් පිටියේදී පැවැත්වීමටයි නියමිතයි. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවයි. අවසන් වරට පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියකදී එකිනෙකා මුණගැසුණු අතර එම තරගාවලිය ද දකුණු අප්‍රිකා කණ්ඩායම විසින් ජයගනු ලැබුවා. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව පවත්වා ඇති එක්දින තරග 74 න්, තරග 31 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඉන් තරග 38 ක් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන ඇති අතර තරග 5 ක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව නැහැ. අද දිනයේ කණ්ඩායම් දෙකේ සහභාගි වන ක්‍රීඩකයන් අනුමාන වශයෙන් ක්‍රික් ඉන්‌ෆෝ වෙබ් අඩවිය විසින් සදහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම පහතින්, Sri Lanka (possible): 1 Upul Tharanga 2 Niroshan Dickwella (wk) 3 Oshada Fernando 4 Kusal Mendis 5 Kusal Perera 6 Dhananjaya de Silva 7 Thisara Perera 8 Akila Dananjaya 9 Lasith Malinga (capt) 10 Kasun Rajitha 11 Vishwa Fernando South Africa (possible): 1 Quinton de Kock (wk) 2 Reeza Hendricks 3 Rassie van der Dussen 4 Faf du Plessis (capt) 5 David Miller 6 Wiaan Mulder 7 Andile Phehlukwayo 8 Kagiso Rabada/Dale Steyn 9 Anrich Nortje 10 Lungi Ngidi 11 Imran Tahir
 

More News..