brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

22 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය සදහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඊයේ දිනය නිමාවන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3ක් දැවී රැස්කර ගෙන සිටියේ ලකුණු 63ක් පමණයි. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ලහිරු තිරිමාන්න ලකුණු 28ක් සහ කසුන් රජිත කිසිදු ලකුණු ලබාගෙන සිටියේ නැහැ. පන්දුවට පහරදීමේදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 17ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් ලබාගත්තා. ඔ්සද ප්‍රනාන්දු ලකුණු 0කට දැවී ගියා. දකුණු අප්‍රිකානු පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 222ක් පමණයි. ක්වන්ටන් ඩි කොක් ලකුණු 86ක් රැස්කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රජිත කඩුළු 3 බැගින් දවාගත්තා. ධනංජය ද සිල්වා කඩුළු දෙකක් දවාගැනීමට සමත් වුණා. මේ අතර මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සිය නිල ට්විටර් ගිණුම හරහා මෙලෙස සටහන් තබා තිබුණා.
 

More News..