brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

15 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටේසට් ක්‍රිකට් තරගයේ අද තෙවන දිනයයි. ඊයේ දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 126ක් ලබාගෙන සිටියා. දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඩුප්ලිසිස් ලකුණු 25ක් සහ ඩි කොක් ලකුණු 15ක් ලබාගෙන සිටියා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය කඩුළු දෙකක් දවාගත්තා. ඊට අමතරව කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවාගත්තා. මෙම තරගයේ පළමු ඉනිම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 235ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සදහා රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 191ක් පමණයි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 170ක් ඉදිරියෙන් සිටිනවා.
 

More News..