brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර 20 සටන හෙට සිට

18 March 2019

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (19) ආරම්භවීමට නියමිතව තිබේ. දෙරට අතර පන්දුවාර විස්ස තරග 10ක් පැවති අතර, ඉන් තරග 5 බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කර තිබේ. දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තරග 3කට සහභාගි වී ඇති අතර, ඉන් තරග දෙකක් ශ්‍රී ලංකා කණ්ඩාම ජයග්‍රහණය කර තිබේ. කණ්ඩායම් දෙකම අවසන් වරට පන්දුවාර 20 තරගයකට සහභාගි වූයේව 2018 වසරේදී කොළඹ ආර්. ප්‍රේසදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. එම තරගය කඩුළු 3කින් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ජයග්‍රහණය කර තිබේ. හෙට (19) පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි නිව්ලෑන්ඩ් පිටියේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භවීමට නියමිතව තිබේ. පන්දුවාර විස්ස තරගාවලිය සදහා කණ්ඩායම් දෙක විසින් නම් කළ සංචිතය පහතින් වේ. පන්දුවාර විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය 01.)Lasith Malinga – Captain 02.)Niroshan Dickwella – Vice Captain 03.)Avishka Fernando 04.)Sadeera Samarawickrama 05.)Kusal Mendis 06.)Angelo Perera 07.)Dhananjaya De Silva 08.)Kamindu Mendis 09.)Priyamal Perera 10.)Thisara Perera 11.)Suranga Lakmal 12.)Isuru Udana 13.)Asitha Fernando 14.)Akila Dananjaya 15.)Jeffrey Vandersay 16.)Lakshan Sandakan පළමු පන්දුවාර විස්ස තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය Faf du Plessis (capt) Quinton de Kock JP Duminy Reeza Hendricks Imran Tahir Aiden Markram David Miller Lungi Ngidi Anrich Nortje Andile Phehlukwayo Dwaine Pretorius Kagiso Rabada Tabraiz Shamsi Dale Steyn Rassie van der Dussen දෙවන සහ තෙවන පන්දුවාර විස්ස තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය JP Duminy (capt) Reeza Hendricks Aiden Markram David Miller Chris Morris Anrich Nortje Andile Phehlukwayo Dwaine Pretorius Sinethemba Qeshile Tabraiz Shamsi Lutho Sipamla Dale Steyn Rassie van der Dussen
 

More News..