brand logo

ශ්‍රී ලංකා ටෙස්ට් ජයෙන් වාර්තා රැසක්

23 February 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරගය අද ජයගැනීමත් සමගයි. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 222ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 154ක් රැස්කර ගත්තා. ඉන් අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කර ගත්තේ ලකුණු 128ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 197ක අභියෝගයක් හිමිවුණා. ශ්‍රී ලංකා පිල කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 197ක් රැස්කරගෙන දෙවන ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84ක් රැස්කර ගත් අතර, ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75ක් ලබාගත්තා. ඒ අනව ශ්‍රී ලංකා කණ්ඩායම් වාර්තා පොත් අලුත් කරමින් දකුණු අප්‍රිකාවේදී සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක ජයක් අද දිනයේ සනිටුහන් කිරීමට සමත් වුණා. මෙය ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ලද පළවන පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලෙස ද සටහන්ව තිබෙනවා.
 

More News..