brand logo

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් රු. මිලියන 50 ක් COVID-19 අරමුදලට පරිත්‍යාග කරයි

15 May 2020

COVID-19 ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සහ ඒ හා සම්බන්ධ සමාජ සුභසාධන වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් වන ඉටුකම ව්‍යාපෘතිය COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් විසින් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් හි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණ හා වෘත්තීය සමිතිවල නියෝජිතයින් විසින් අද (15) ජනාධිපති මහලේකම් කාර්යාලයේදී රුපියල් මිලියන 50 ක් වටිනා චෙක්පතක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. වර්තමාන අර්බුදය කළමනාකරණය කිරීමේදී ප්‍රශංසනීය වෑයමක් දරමින් ජාතියේ ප්‍රමුඛ විදුලි සංදේශ විසඳුම් සපයන්නන් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් අඛණ්ඩව ශ්‍රී ලංකා රජයට සහයෝගය දක්වනු ලබයි. මෙම මුදල් පරිත්යාගයට අමතරව, රටේ ප්රධාන අංශවල ආර්ථික ක්රියාකාරකම් නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 350කට වැඩි තාක්ෂණික විසඳුම් රාශියක් සඳහා පුරෝගාමී හා නායකත්වය දීමට සමූහය ඉදිරිපත් වී තිබේ. බාධාවකින් තොරව කටයුතු කරන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් පසුගිය ඇඳිරි නීති හා lockdown තත්ත්වයන් යටතේ දී පවා සිය සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන ලදී. ඉටුකම ව්‍යාපෘතිය COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද COVID-19 ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සහ ඒ හා සම්බන්ධ සමාජ සුභසාධන වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ වැඩසටහනකි. ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක පරිත්‍යාගයක් සමඟ මෙම අරමුදල පිහිටුවන ලදී. COVID-19 වසංගතය මගින් ගෙන එන තීරණාත්මක සෞඛ්‍ය අවශ්‍යතා මෙම අරමුදල විසින් සපුරාලනු ඇති අතර සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සූදානම වැඩි දියුණු කරනු ඇත. මෙම අරමුදලේ මූලික සහ ක්ෂනික අරමුණුගත ඉලක්කය වන්නේ සෞඛ්‍ය අංශයේ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයනන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම වන අතර එලෙසින්ම COVID-19 නිසාවෙන් අවදානමට ලක්ව සිටින අපගේම ජනතාවට සහනාධාර සැපයීමට රජයට අවස්ථාව සලසාදීමයි. වර්තමාන සෞඛ්‍ය සේවයේ සම්පත් සීමිත බව නිසා ඇතිව තිබෙන අවදානම අවම කිරීම සහ බෝවන රෝගයන්ට ජාතික වශයෙන් සූදනම් වීමට අවශ්‍ය කරන සාධකයන් වැඩි දියුණු කිරීම සදහා තීරණාත්මක ආයෝජන කිරීම උදෙසා මෙම අරමුදල යොදා ගැනේ.
 

More News..