brand logo

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

02 March 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වැනි සංවත්සරය අද (02දා) දින අභිමානවත් අයුරින් සමරනු ලබන බව ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදාව , ගුවන් යානා සංදර්ශනයක් සඳහා සිය ගුවන් යානා 23 ක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසීය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරාධනයෙන් මෙම ගුවන් යානා මෙසේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ. මෙසේ පැමිණ ඇති ගුවන් යානා අතර ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශන කණ්ඩායමක් වන "සූර්ය කිරන් " ගුවන් යානා කණ්ඩායමේ ගුවන් යානා 09 ක් පැමිණ තිබේ. මෙම ශ්‍රී ලංකා සහ ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානා සංදර්ශනය මේ මස එනම් මාර්තු මස 03, 04, සහ 05 යන දිනවල සවස 5.00 සිට 6.00 දක්වා කාලය තුළ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය. ගුවන් හමුදා 70 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 467 දෙනකු හා සෙසු නිලයන් 7290 දෙනකු හට උසස්වීම් ලබාදීමට ගුවන් හමුදාපතිවරයා පියවර ගෙන ඇත.
 

More News..