brand logo

ශ්‍රී ලංකා කොදෙව් පුහුණු තරගය : ශ්‍රී ලංකාව ලකුණු 276යි

20 February 2020

ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩා පිටියේදී පැවැත්වෙමින් තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 276ක් රැස්කර ගැනීමට සමත් විය. නොදැවී පන්දුවට පහරදුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 64ක් ලබාගැනීමට සමත් වූ අතර, මිනෝද් භානුක පන්දු 88කට මුහුණදෙමින් ලකුණු 69ක් රැස්කර ගත්තේය. ඊට අමතරව අසේල ගුණරත්න ලකුණු 47ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 41ක් කණ්ඩායම වෙනුවෙන් ලබාගත්තේය. සෙසු පිතිකරුවන්ට ලකුණු හයේ සීමාව පසුකිරීමට නොහැකි විය. පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායමේ කීමෝ පෝල් සහ රොස්ටන් චේස් කඩුළු 2ක බැගින් දවාගත්තේය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා කොදෙව් කණ්ඩායම ලකුණු 277ක් ලබාගත යුතු වේ.
 

More News..