brand logo

ශ්‍රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

25 November 2021

කොදෙව්වන් කඩුළු 6ක් දැවී ලකුණු 77යි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය සදහා අද තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර පිටියේ ආරම්භ වී තිබේ. පිළිතුරු දෙවැනි ඉනිම සදහා මේ වන විට පන්දුවට පහරදෙන කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 76ක් රැස්කර ගෙන සිටියි.

මෙම තරගය ජයගැනීම සදහා කොදෙව් කණ්ඩායම තවත් ලකුණු 272ක් ලබාගත යුතු වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුනු 386ක් රැස්කර ගත් අතර, දෙවැනි ඉනිම සදහා කඩුළු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදී කොදෙව් පිලට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරාධනා කළේය. කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සදහා රැස්කර ගත්තේ ලකුණු 230ක් පමණියි.
 

More News..