brand logo

ශ්‍රී ලංකා - කොදෙව් දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද

12 March 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද (12) පැවැත්වීමට නියමිතයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ඇන්ටිගුහා හි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වේ. තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය. මේ අතර කොදෙව් සංචාරය සදහා සහභාගි වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. පුද්ගලික කාරණයක් මත ඇන්ජලෝ මැතිව්ස් මෙලෙස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
 

More News..