brand logo

ශ්‍රී ලංකා ක්‍රීකට් වරද පිළිගෙන ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි

27 February 2020

කොදෙව් - ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රීකට් තරගය පැවති හම්බන්තොට සුරියවැව ක්‍රීඩාංගනය ඉදිරිපිට ඊයේ ක්‍රීඩා ලෝලින්ට මුහුණ පෑමට සිදුවු අපහසුතාවය පිළිබද සියලුම ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය පවසයි. ක්‍රීකට් ආයතනයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසුවේ මෙතරම් ක්‍රීඩා ලෝලීන් පිරිසක් තරගය නැරඹීමට පැමිණෙනු ඇතැයි ක්‍රීකට් ආයතනය අපේක්ෂා නොකළ බවයි. ප්‍රවේශ පත්‍ර අඩුවෙන් මුද්‍රණය කිරිම මෙම සිද්ධියට මුලික හේතුව වු බවයි ශම්මි සිල්වා මහතා සඳහන් කළේ. ඊයේ සුරියවැව ක්‍රීඩාංගනය අසල සිදුවු සිද්ධියේ වරද ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය භාර ගන්නා බව ද ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ  සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කළා. https://youtu.be/BVSnMaoGSSY
 

More News..