brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සතිදෙකකින් කල් දැමීමට ICCය එකඟවෙයි

21 January 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඊයේ (20) ක්‍රීඩා අමාත්‍යවරයා එම කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමුව වී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට හේතු පැහැදිලි කර ඇති අතර ඒ අනුව එම තීරණය ඔවුන් පිළිගෙන තිබෙනවා. 2019 පෙබරවාරී මස 7 වන දින නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණද නීතිපතිවරයාගේ උපදෙස් අනුව පවතින නෛතික අවශ්‍යතාවය මත මෙම නිලවරණය 2019 පෙබරවාරී මස 21 වන දා දක්වා සති දෙකකින් කල් දැමීමට අවශ්‍ය බව සඳහන් කරමින් ක්‍රිඩා අමාත්‍යවරයා 2019.01.16 වන දින ක්‍රීඩා පනතේ 39(1) වගන්ති ප්‍රකාරව විශේෂ විධානයක් නිකුත් කළා. https://twitter.com/fernandoharin/status/1086970813503303681
 

More News..