brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 21 දක්වා කල්යයි

17 January 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකක කාලයකින් කල් දැමීමට ක්‍රිඩා අමාත්‍ය ප්‍රනාන්දු මහතා තීරණය කර ඇත. 2019 පෙබරවාරී මස 7 වන දින නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණද නීතිපතිවරයාගේ උපදෙස් අනුව පවතින නෛතික අවශ්‍යතාවය මත මෙම නිලවරණය 2019 පෙබරවාරී මස 21 වන දා දක්වා සති දෙකකින් කල් දැමීමට අවශ්‍ය බව සඳහන් කරමින් ක්‍රිඩා අමාත්‍යවරයා 2019.01.16 වන දින ක්‍රීඩා පනතේ 39(1) වගන්ති ප්‍රකාරව විශේෂ විධානයක් නිකුත් කර ඇත. ඒ අනුව 2019.පෙබරවාරි 21 වන දින ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශ, ලේකම් චුලානන්ද පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කර දන්වා ඇති බව සනහන් කරයි.
 

More News..