brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ සහ චෝදනා දැනුම් දෙන්න සති දෙකක සහන කාලයක්

09 January 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා. ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතාද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. ක්‍රීඩා අමාත්‍යංහයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට ක්‍රීඩාවේ අයිතිය තිබෙන්නේ අමාත්‍යවරයා හෝ ක්‍රීඩා නිලධාරීන්ට නොවන බවයි. ක්‍රිකට් ක්‍රීඩාව සියලුදෙනාටම අයිතියක් ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු කිරීම සියලුදෙනා එක්ව සිදුකළ කළ යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබදව විශාල ලෙස කතාබහක් ඇතිව ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා සිහිපත් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක කාලයක් තුළ එම කවුන්සිලයේ කාර්යාලයක් මෙරට තුළ පවත්වාගෙන යන බවයි. ක්‍රිකට් සම්බන්ධව යම්කිසි වංචාවක්, දූෂණයක් පිළිබදව දැනුවත් නම් තොරතුරු ලබා දිය හැකි අතර, තමන් වගකීම වන්නේ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ව රැකගැනීම බවත් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
 

More News..