brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය තහනමක් පැනවිය යුතුයි - රසල්

31 January 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය තහනමක් පැනවිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් පවසනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් මගින්... මේ සම්බන්ධයෙන් රසල් ආර්නල්ඩ් බීබීසී සිංහල සේවයට මෙලෙස ද ප්‍රකාශ කර තිබෙනවා. "මම මේ ගැන මීට කලිනුත් ප්‍රකාශ කළා. සමාජ මාධ්‍යවල හොඳ මෙන්ම නරකත් යනවා. මේක දරාගන්න පුළුවන් වෙන්න ඕනේ, දරා ගන්න බැරිනම් එකෙන් ඉවත්වෙන්න ඕනේ. මටනම් පේන්නේ මේක අපේ ක්‍රීඩකයන්ට බලපානවා කියලා. මෑතකදී තිසර පෙරේරාගේ සිද්ධිය මේකට හොඳ උදාහරණයක්. සමාජ මාධ්‍යවල යන දේවල්වලට උත්තර දුන්නම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේකෙන් ඉවත්වෙන එක හොඳ දෙයක්," "මම මේ ගැන මීට කලිනුත් ප්‍රකාශ කළා. සමාජ මාධ්‍යවල හොඳ මෙන්ම නරකත් යනවා. මේක දරාගන්න පුළුවන් වෙන්න ඕනේ, දරා ගන්න බැරිනම් එකෙන් ඉවත්වෙන්න ඕනේ. මටනම් පේන්නේ මේක අපේ ක්‍රීඩකයන්ට බලපානවා කියලා. මෑතකදී තිසර පෙරේරාගේ සිද්ධිය මේකට හොඳ උදාහරණයක්. සමාජ මාධ්‍යවල යන දේවල්වලට උත්තර දුන්නම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේකෙන් ඉවත්වෙන එක හොඳ දෙයක්," "මොකද දැන් කණ්ඩායම ඉන්න මානසිකත්වය මේ ක්‍රීඩකයන්ට බලපාන්න පුළුවන්. ලෝක කුසලානයෙන් පස්සේ අපිට අලුත් ක්‍රීඩකයන්ට මේක භාරදෙන්න පුළුවන්. 1999 ලෝක කුසලානයෙන් පස්සේ වගේ. නැත්නම් අලුත් ක්‍රීඩකයෝත් ඇවිල්ලා මේ ප්‍රශ්නවලට මැදිහත් වුනොත් අපිට නැතිවෙන්නේ අපේ අනාගත ක්‍රීඩකයන් ටික. මට තියෙන්නේ ඒ බයයි. ඒ නිසයි මම කියන්නේ අලුත් අය ලෝක කුසලානය තෙක් එපා කියලා,"
 

More News..