brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට

04 December 2018

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහායි. මෙම තරගාවලියට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් හා පන්දුවාර 20යි 20 තරගයක් ඇතුළත් වනවා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් සමන්විත 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගිය බවයි. එම ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව පහතින්, දිනේශ් චන්දිමාල් – නායක දිමුත් කරුණාරත්න – උප නායක කුසල් මෙන්ඩිස් ධනංජය ද සිල්වා ඇන්ජලෝ මැතිව්ස් රොෂාන් සිල්වා නිරෝෂන් දික්වැල්ල ධනුෂ්ක ගුණතිලක ලහිරු තිරිමාන්න සදීර සමරවික්‍රම දිල්රුවන් පෙරේරා ලක්ෂාන් සදකැන් සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් කසුන් රජිත ලහිරු කුමාර දුෂ්මන්ත චමීර
 

More News..