brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 16වැනිදා බංග්ලාදේශයට

05 May 2021

එක්දින තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයකට නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 16වැනිදා බංග්ලාදේශය බලා පිටතව යාමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පුහුණු තරගයක් මැයි මස 21වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය මැයි මස 21 වැනිදා පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ. දෙවන තරගය ලබන 25 වැනිදා සහ තෙවන තරග මැයි මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.
 

More News..