brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යයි

24 September 2019

පාකිස්ථාන තරග සංචාරය සදහා සහභාගිවීමට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේදී අද පෙරවරුවේ පැවැති ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව උදෑසන 7.00ට පමණ පාකිස්ථානය බලා පිටත්ව ගිය බව ශ්‍රී ක්‍රිකට් ආයතනය සදහන් කළේය. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා කරාචි හිදි ආරම්භ වේ. දෙවන තරගය 29 වැනි දින සහ තෙවන තරගය ඔක්තෝම්බර් මස 02 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව පළමු පන්දුවාර විස්ස තරගය ඔක්තෝම්බර් මස 05 වැනිදා ආරම්භ වන අතර, දෙවන තරගය ඔක්තෝම්බර් මස 07 සහ ඔක්තෝම්බර් මස 09 වැනිදා තෙවන තරගය පැවැත්වීමට නියමිතයි.
 

More News..