brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කිසිදු සම්බාධකයක් නැහැ

17 June 2019

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කිසිදු සම්බාධකයක් පනවා නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ICCය සම්බාදක පැනවීමට තීරණය කර ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළ කිරීම හේතුවෙන් මෙලෙස නිවේදනයක් නිකුත් කළ බවයි. මෙලෙස විවිධ මාධ්‍ය වාර්තා පළවීමට හේතු වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කිසිදු ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු සහභාගි නොවීමය. මෙම සිදුවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලෝක කුසලාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන නවාතැන්, ප්‍රවාහන පහසුකම් ආදිය නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට නිල වශයෙන් පැමිණිල්ලක්ද කළේය. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කළේ සියලූ කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදී ඇති බවයි.
 

More News..