brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව වැඩබලන පුහුණුකරුවෙක්

04 January 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වැඩබලන පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක පත්කර ඇති බවට වාර්තා වනවා. එළඹෙන සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ඔහු පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ කොන්ත්‍රාත්තු කාලය පසුගිය දෙසැම්බර් මාසයේදී නිමවුණු අතර පුරප්පාඩු වූ එම ධුරය සඳහා මේවන විට අයඳුම්පත් කැඳවා ඇති බවට වාර්තා වනවා. නමුත් ජනවාරි 14 වැනිදා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. එම තරග සංචාරය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අද (04) තහවුරු කළේ.
 

More News..