brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ඉල්ලා අස්වෙයි

29 July 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය මගින් ඔහු සදහන් කර ඇත්තේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බවයි. ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවතිය ද වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය තමා හුදකලා කර ඇති බව ද එම නිවේදය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

More News..