brand logo

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට සහ තිරිමාන්නට කොරෝනා

03 February 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඊයේ (02) දින සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවයි. පළාත් තරගාවලියේ සංචිතයකට සහභාගිවීමට පෙර ඊට සහභාගි වන සාමාජිකයින් ඇතුළු ක්‍රීඩකයින් 36දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට සහභාගි වී ඇත. එම පිරිස පසුගිය ජනවාරි 28 වැනිදා කණ්ඩායම් තුනක් වශයෙන් පුහුණුවීම සිදුකර ඇති අතර, එහිදී ඔවුන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. ඒ අනුව පෙබරවාරි 20 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි ද කල් දැමීමට ඇති හැකියාව සොයා බලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..