brand logo

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු ශ්‍රේණිගතකිරීම් වලින් ඉදිරියට

12 December 2018

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර ලෝකයේ ඉදිරියෙන්ම සිටින ටෙස්ට් පිතිකරුවන් 20 දෙනා සහ පන්දු යවන්නන් 20 අතර නවසීලන්ත ක්‍රීඩකයෝ 6 දෙනෙක් සිටින අතර එම ස්ථාන 40 න් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 04 දෙනෙකුට ස්ථාන හිමි වී ඇත. ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන දිමුත් කරුණාරත්න ලකුණු 753 ක් ලබා 7 වැනි ස්ථානයෙත් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 695ක් ලබා 12 වැනි ස්ථානයයෙත්, කුසල් මෙන්ඩිස් ලකුණු 627 ක් ලබා 20 වැනි ස්ථානයෙද රැඳී සිටි. ටෙස්ට් පන්දු යවන්නන් 20 දෙනා අතර රැදී සිටින එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා ඩිල්රුවන් පෙරේරා වන අතර ප්‍රසාද ලකුණු 689 ක් සමග ඔහු අන්තර්ජාතික පන්දු යවන්නන් අතර 20 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි.                                                      ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 20 දෙනා                                                         ලෝකයේ හොඳම ටෙස්ට් පන්දු යවන්නන් 20 දෙනා
 

More News..