brand logo

ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ

03 September 2019

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දු යවා නිම නොකිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩයක් පනවා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලය තුලදී පන්දුවාර දෙකක් අඩුවෙන් යවා ඇති බවය. ඒ අනුවනියමිත කාලයට යවා නිම නොකරන එක් පන්දුවාරයක් වෙනුවෙන් 20%ක දඩයක් ICC නීතිරීති වලට අනුව පැනවී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළදී පන්දුවාර දෙකක් යවා නිම නොකිරීම නිසා ඔවුන්ට 40%ක දඩයක් ICC ය විසින් නියම කර ඇත. ඒ සම්බන්ධ තින්දුවට නායක ලසිත් මාලිංග එකග විම නිසා වැඩිදුර විභාගයක් සිදු නොකරන බවද ICCය නිවේදනය කරයි.
 

More News..