brand logo

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි

25 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය සදහා තරඟය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මේ වන විට පිළිතුරු ඉනිම සදහා පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 4කඤ් දැවී ලකුණු 86ක් ලබාගෙන සිටිනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Marcus Harris ලකුණු 44ක්, Joe Burns ලකුණු 15ක් සහ Usman Khawaja ලකුණු 11ක් ලබාගත් අතර Nathan Lyonට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුළු දෙකක් දවාගත්තා. දිල්රුවන් පෙරේරා සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 144ක් ලබාගත්තා. එහිදී තරමක් හෝ සාර්ථකවීමට හැකි වූයේ නිරෝෂන් දික්වැල්ලට පමණයි. ඔහු ලකුණු 64ක් ලබාගැනීමට සමත් වුණා.
 

More News..