brand logo

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තෙවන T20 තරගය අද

01 November 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (01) පස්වරු 1.40ට ආරම්භවීමට නියමිතය. තරගය පැවැත්වෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේදීය. මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක අනුමාන වශයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. Australia (possible) 1 David Warner, 2 Aaron Finch (capt), 3 Steven Smith, 4 Ben McDermott, 5 Ashton Turner, 6 Alex Carey (wk), 7 Ashton Agar, 8 Pat Cummins, 9 Mitchell Starc, 10 Adam Zampa, 11 Billy Stanlake Sri Lanka (possible) 1 Kusal Mendis, 2 Danushka Gunathilaka, 3 Aviska Fernando, 4 Kusal Perera (wk), 5 Niroshan Dickwella, 6 Dasun Shanaka, 7 Wanindu Hasaranga, 8 Isuru Udana, 9 Lakshan Sandakan, 10 Lasith Malinga (capt), 11 Nuwan Pradeep
 

More News..