brand logo

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකත්වය තරංගට

01 January 2019

සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ක්‍රිකට් තේරීම් කමිටුව විසින් උපුල් තරංගට පවරා තිබෙනවා. ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස මිලින්ද සිරිවර්ධන නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිවුදින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අෂාන් ප්‍රියන්ජන්ටත්, එහි උප නායකයා ලෙස ඇන්ජලෝ පෙරේරාද නම් කර තිබෙනවා. සිවුදින තරග 2 කට සහ එක්දින තරග 5 කට සහභාගිවීම සඳහා අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම පසුගිය 30 වැනිදා පස්වරුවේ දිවයිනට පැමිණියා. සිවුදින තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී දෙදින පුහුණු තරගයකටද සහභාගි වීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන පළමු සිවුදින තරගය ජනවාරි මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 

More News..