brand logo

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයේ පෙරළියක්

05 May 2021

මේ මස 23 වැනිදා සිට බංග්ලාදේශය සමග පැවත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හෝ දසුන් ශානකට හිමිවීමට නියමිත බව “අරුණ” ට වාර්තා වේ. හිටපු එක්දින නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල්ට අදාළ සංචිතයේ අවස්ථාව හිමි නොවන බව වැඩිදුරටත් වාර්තාවේ. පෙරේදා (3 වැනිදා) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් තිසර පෙරේරා ද අදාළ සංචිතයට ඇතුළවත්ව නොසිටීම මත ඔහු එම තීරණය ගත් බව පැවසේ. 2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යොවුන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහභාගි කර වීමේ අරමුණ ඇතිව අදාළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත්කර ඇති බව ද සඳහන් වේ. තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ලබන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්වීමට නියමිත අතර එහිදී ඔවුන්ට දින තුනක නිරෝධායනයකට යටත් වීමට සිදුවේ. දෙරට අතර පළමු තරගය මේ මස 23 වැනිදාත්, දෙවැනි තරගය 25 වැනිදාත් තුන්වැනි තරගය මේ මස 28 වැනිදාත් පවත්වනු ඇත. එම සෑම තරගයක්ම ඩකාහි ශ්‍රේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ගයාශාන් විතානආරච්චි
 

More News..