brand logo

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ක්‍රිකට් මෙතෙක් දකුණු අප්‍රිකාවේදී තැබූ වාර්තාව

26 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 3 වැනිදා ආරම්භවීමට නියමිතව තිබෙනවා. එම එක්දින තරගාවලිය තරග 5කින් සමන්විතයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේදී එක්දින ක්‍රිකට් තරගාවලි 4ක් පවත්වා තිබෙනවා. එම තරගාවලි සියල්ලක්ම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ඊට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලි දෙකක ජයග්‍රහණය ද හිමිකර ගෙන තිබෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකාව වීම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ඔවුන්ගේ රටතුළ කිසිදු එක්දින ක්‍රිකට් තරගාවලියක ජයක් වාර්තා කර නැහැ.
 

More News..