brand logo

Update : කාසියේ වාසිය දිනූ එංගලන්තය පිත්ත අතට ගනී

23 November 2018

ශ්‍රී ලංකා එංගලන්ත තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්තය විසින් දිනා ගත්තා. ඒ අනුව කොළඹ එස්.එස්.සී පිටියේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි එංගලන්ත කණ්ඩායම තීරණය කළේ. ------------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා එංගලන්ත තෙවන ‌ටෙස්ට් තරගය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ එස්.එස්.සී පිටියේදීයි. තරග තුනකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය මේ වන විටත් එංගලන්ත කණ්ඩායම විසින් තරග 2ට 0ක් ලෙස ජයගෙන අවසන්ය. අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේශ් චන්දිමාල් සහභාගි නොවන අතර, ඔහු වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැදවා තිබෙනවා. දිනේශ් චන්දිමාල් එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම වුන අතර, ඔහු පසුගිය දින ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට භාජනය කෙරුනු අතර එය ද ඔහු අසමත් වී තිබුණා. ඒ අනුව අද ආරම්භ වන තුන්වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සුරංග ලක්මාල් විසින්ය.
 

More News..