brand logo

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ලබයි

28 December 2019

ශ්‍රී ලංකාවේ රක්ෂණයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 16 වන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සෑම අංශයකින්ම විශිෂ්ටතා දැක්වූ ව්‍යාපාර ඇගයීමට ලක් කිරීම සිදුකරන අතර සෑම තරගකරුවෙක්ම වට තුනකදී ඇගයීමට ලක් කිරීම සිදු කරන ලදී. මෙම ඇගයීම් ක්‍රියාවලිය නායකත්වය, ආයතනික පාලනය, ධාරිතා වර්ධනය, කාර්ය සාධන කළමනාකරණය, ගෝලීය හා දේශීය වෙළෙඳපළ ප්‍රවේශය, ආයතනික සමාජ වගකීම සහ පාරිසරික තිරසාරාත්මක බව සහ ව්‍යාපාර සහ මූල්‍ය ප්‍රතිඵල යන නිර්ණායක 7 මත පදනම් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම වත්කම් සම්භාරය වන රු. බිලියන 205 අධික වත්කම්වලට හිමිකම් කියන අතර ක්ෂේත්‍රයේ විශාලම ජිවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 110 කට අධික අරමුදලක් කළමනාකරණය කරයි. රු. බිලියන 6ක ශක්තිමත් ප්‍රග්ධනයකින්ද යුක්ත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රටේ සුරක්ෂිතම සහ විශ්වාසදායකම රක්ෂණ විසඳුම් සපයන්නා වේ.
 

More News..