brand logo

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගම්පහ ශාඛාව නව නිවහනකදී විවෘත වේ

16 February 2020

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගම්පහ ශාඛාව නව නිවහනකදී පසුගියදා විවෘත කරන ලදී. මෙසේ විවෘත කරන ලද ගම්පහ ශාඛාව අංක 116, බෞද්ධාලෝක මාවත, ගම්පහ යන ස්ථානයේ පිහිටා තිබෙන අතර ගම්පහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට සියළු රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසා දී තිබේ. කීර්තිමත් වෘත්තීයවේදියෙකු වන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ අනිල් කුමාර මීගහගේ මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය හා පාරිභෝගික මහත්ම මහත්මිීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
 

More News..