brand logo

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අඛණ්ඩව ‘Fitch Ratings’ AAA(lka) මූල්‍ය වර්ගීකරණයෙන් ඉහළම ඇගයීමට ලක් වේ

15 June 2020

මෙම අභියෝගාත්මක කාල සීමාවෙහිදී ශ්‍රී ලංකාවේ AAA(lka) මූල්‍ය වර්ගීකරණය හිමි කරගත් එකම රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයයි. දේශයේ විශ්වසනීය රක්ෂකයා යන නාමය තවදුරටත් තහවුරු කරමින් ‘Fitch Ratings’, Insurer Financial Strength ශ්‍රේණිගත කිරීම්වල AAA(lka) යන ඉහළම මූල්‍ය වර්ගීකරණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබෙන අතර තරගකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ යහපත් ව්‍යාපාර ව්‍යුහය, ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ අසමසම මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම යන නිර්ණායකයන් මෙම ඇගයීම සඳහා හේතු වී ති​ෙබ්. රක්ෂණයේ පෙරගමන්කරුවා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ AAA (lka) මූල්‍ය වර්ගීකරණය හිමිකරගත් එකම රක්ෂණ ආයතනය බවට පත්ව ඇති අතර සිය ගනුදෙනුකරුවන්ට දිගුකාලීන රක්ෂණ වගකීම් ඉටුකිරීමේ විශිෂ්ට හැකියාව පිළිබිඹු කරමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ නව මානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ප්‍රමුඛ ව්‍යාපාර ව්‍යුහය, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයන්හි දක්වන මනා විවිධාංගීකරණයකින් යුත් සහභාගිත්වය, වෙළෙඳපොළ අවශ්‍යතා මත පදනම් වූ රක්ෂණ සැලසුම් කෙරෙහි දක්වනු ලබන නිරන්තර අවධානය සහ ප්‍රශස්ථ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය රක්ෂණ ක්ෂේත්‍රය තුළ අද්විතීය ස්ථානයකට අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඔසවා තැබීමට සමත්ව ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා මෙසේ අදහස් දක්වන ලදී. ‘ඉතා ශක්තිමත් රාජ්‍ය හිමිකාරත්වයකින් යුක්ත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වන විට රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 58ක් පමණ කාලයක් සේවය සලසනවා. අභියෝග සහ දුෂ්කරතාවන් මධ්‍යයේ වුවත් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගනිමින් ශක්තිමත් ලෙස නැගී සිටිමින් අතිශය සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට අප සමත්ව තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු අසමසම මුල්‍ය ස්ථාවරත්වය සහ අද්විතීය රක්ෂණ විශේෂඥතාව අපගේ පාරිභෝගිකයන් හට නැවත නැවතත් තහවුරු කරමින් පවතිනවා.‘
 

More News..