brand logo

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපති ලෙස මේජර් ජනරාල් සොයිසා වැඩ බාරගනී

06 December 2019

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපති වශයෙන් විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්.දි සොයිසා මහතා අද (06) දින සුබ මොහොතින් වැඩ බාරගන්නා ලදී. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලත් ඒ මහතා කීර්තිමත් පරිපලකයෙක්ය. ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග හා බෙදාහැරීමේ පර්යන්තයේ හිටපු සභාපති වශයෙන් කීර්තිමත් මෙහෙවරක් ඉටුකරන ලද ඒ මහතා රණවිරු සංගමයේ සභාපතිවරයාද වන අතර දකුණු පළාත් හිටපු කම්කරු නිවාස හා සමාජසේවා අමාත්‍යවර එම.පි.සොයිසා මහතාගේ පුත්‍රයා වෙයි. සංස්ථාවේ වැඩ බාරගැනිමෙන් අනතුරුව සේවක මහත්ම මහත්මීන් අමතමින් ඉදිරි කාලසීමාව සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වන වසරක් වන බවත් ඒ සඳහා වඩාත් කාර්යක්ෂම ලෙස හා සක්‍රිය ලෙස දායකත්වය ලබා දියයුතු බවද ප්‍රකාශ කරන ලදි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිපත්තිගරුක නායකයෙකු වශයෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පක්ෂ පාට හා වර්ග බේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කමක් පෙන්වාදෙන ලදී. එසේම ජාතික නගර සංකල්පය හා පොකුරු නගර සංකලොපය තුල මෙරට සංවර්ධන සංග්‍රාමය දියත්වන විට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත සුවිශේෂී වගකීමක් පැවරෙන බවත් එම වගකීම අවබෝද කරගනිමින් කටයුතු කලයුතු බවත් පෙන්වා දෙන ලදී
 

More News..