brand logo

ශ්‍රී ලංකාව 104 වැනි ස්ථානයට

27 January 2022

අන්තර්ජාතික දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනයේ අන්තර්ජාතික දූෂණ දර්ශකයේ (International Corruption Perception Index (CPT)) 104 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහත වැටී ඇත. 2020 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 94 වැනි ස්ථානයේ රැඳී සිටි අතර සිදුකර ඇති නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව 2021 වසරේදී රට තවත් ස්ථාන 10කින් පහත වැටෙමින් 104 වැනි ස්ථානයට පත්ව තිබේ. අන්තර්ජාතික දූෂණ දර්ශකය විසින් රාජ්‍ය අංශයේ දූෂණ මත පදනම්ව ලොව පුරා රටවල් 180ක් ඇසුරින් සිය ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබයි.

මේ සඳහා ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් වාර්තා කැඳවීම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සිදුකරයි. ඊට අමතරව ලෝක බැංකුව, ලෝක ආර්ථික සංසදය, උපදේශන සමාගම් හා චින්තන පර්ශද (Think Tanks) සහ තවත් බාහිර පාර්ශ්ව 13කින් පමණද දත්ත ලබාගැනීම සිදුකරනු ලබයි.

මෙම දර්ශකයේ ස්ථාන ලබාදීමේදී 0 සිට 100 දක්වා ඒ ඒ රටවල ලකුණු ලබාදීම සිදුකරෙන අතර 2020 වසරේදී ලකුණු 38ක් ලබා සිටි ශ්‍රී ලංකාව 2021 දී ලකුණු 37ක් දක්වා එක් ලකුණකින් පහත වැටී ඇත. රාජ්‍ය අංශයේ දූෂණ අක්‍රමිකතා අල්ලස් ගැනීම්, නඩු පැවැරීම් ප්‍රමාණවත් නොවීම, ප්‍රමාණවත් නීතිමය ආරක්ෂාවක් නොපැවැත්වීම සහ තොරතුරු හෙළිකරන මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු නොවීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සළකා බලනු ලබයි. මෙම දර්ශකයේ රාජ්‍ය දූෂණ අවම රට ලෙස ලකුණු 88 බැගින් ලබාගනිමින් පෙරමුණේ පසුවන්නේ ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ නවසීලන්තයයි. දර්ශකයේ අවසන් ස්ථානයේ පසුවන්නේ ලකුණු 11ක් පමණක් ලබාගත් දකුණු සූඩානයයි. නයන තරංග ගමගේ
 

More News..