brand logo

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආරක්ෂක සහයෝගිතාවය තව දුරටත් ශක්තිමත් කෙරේ

05 February 2020

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රුසියානු හමුදා ප‍්‍රධානී, අණදෙන නිලධාරී ජෙනරල් ඔලෙග් සලූයුකෝව් (oleg salyukov) මහතා අතර සාකච්ඡාවක් (05) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ මූලික අවධානය යොමු විය. මීට සති කිහිපයකට පෙර ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වූ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා අතර පැවැත් සාකච්ඡුාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාව හා මිත‍්‍ර රටවල් නියෝජනය කරමින් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පැමිණිම අගය කරන බවත්, ද්වී පාර්ශවීය සබ`දතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම රජයේ අපේක්ෂාව යැයිද පැවසීය. රුසියානු විදේශ අමාත්‍යවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැති හමුව සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව ප‍්‍රකාශ කළ රුසියානු හමුදා ප‍්‍රධානී දෙරට අතර අවබෝධතාවන්ට එළැඹිය හැකි ආකාරය සම්බන්ධයෙන් රුසියානු විදේශ ඇමැතිවරයා පෙන්වාදුන් බව ද සදහන් කලේය. එමෙන්ම ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින්ට නොමිලේ දේශන පැවැත්වීම හා නිලධාරීන්ට රුසියානු අධ්‍යාපන ආයතනවල පුහුණුව ලබා දීමට රුසියාව සූදානම් බවද රුසියානු හමුදා ප‍්‍රධානී ජෙනරල් ඔලෙග් සලූයුකෝව් මහතා සදහන් කර සිටියේය. පසුගිය වසරේ එල්ල වූ පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් ශී‍්‍ර ලාංකිකයින් වෙනුවෙන් සිය කණගාටුව පළකළ ජෙනරාල්වරයා ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයට එරෙහිව සිදුකරණ පොදු මෙහෙයුම්වලදී ශී‍්‍ර ලංකාව ලබාදෙන දායකත්වය අගය කරන බවද පැවසීය. ජාත්‍යන්තර වශයෙන් දෙරට මුහුණ දී සිටින අභීයෝග පිිළිබ`දව සදහන් කරමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ දෙරටේ අනෝන්‍ය සහයෝගීතාවය පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වන බවයි. ශී‍්‍ර ලංකාව - රුසියාවේ දිගු කාලීන මිතුරෙක් බව සදහන් කළ ජෙනරල් ඔලෙග් සලූයුකෝව් මහතා ජාත්‍යන්තර හමුදා කටයුතුවලදී ශී‍්‍ර ලංකේය හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වය තවදුරටත් වැඩිකිරීමට කටයුතු කරන මෙන්ද අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
 

More News..