brand logo

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අද දෙවැනි විස්සයි විස්ස සටනට

24 June 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (24 වැනිදා) රාත්‍රි 11.00ට කාඩිෆ්හිදී ආරම්භ වීමට නියමිතය. ඊයේ (23 වැනිදා) යෙදී තිබුණු දෙරට අතර පළමු විස්සයි විස්ස තරගයත් කාඩිෆ්හිදීම පැවැත්වීමට නියමිතව තිබුණු අතර දිනයක හෝ විවේකයක් නොමැතිවම අද (24 වැනිදා) දෙවැනි තරගය පැවැත්වීම විශේෂත්වයකි. දෙරට අතර පළමු තරගයේදී ශ්‍රී ලංකාව පිතිකරුවන් හය දෙනෙක්, පන්දු යවන්නන් තිදෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක් සමගින් තරගයට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා කියා සිටියේය. දෙරට අතර මීළඟ විස්සයි විස්ස තරගය අනිද්දා (26 වැනිදා) රාත්‍රි 7.00ට සඳම්ප්ටන්හිදී ආරම්භ වෙනු ඇත.
 

More News..