brand logo

ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පුහුණු තරඟය හෙට

13 October 2021

තරග ආරම්භය හෙට පෙරවරු 11.30

ලෝක කුසලාන විස්සයි විස්ස සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පුහුණු තරගය පපුවා නිව් ගිනි කණ්ඩායම සමග හෙට (14) පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 11.30‌ට අබුඩාබි ටොලෙරන්ස් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 4ක ජයක් ලබා ගැනීමට සමත් විය.

ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඕමානය සහ පපුවා නිව් ගිනි කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතව තිබේ.
 

More News..