brand logo

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ ජය පාකිස්ථානයට

23 December 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන කණ්ඩායම අද සමත් විය. ඒ දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 263කින් ජය ගැනීමත් සමගය. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 191ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු පළමු වෙනුවෙන් ලකුණු 271ක් රැස්කර ගැනීමට සමත් විය. ඉන් අනතුරුව දෙවැනි ඉනිම වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 555ක් ලබාගෙන සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරාධනය කළේය. ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 476ක අභියෝගයක් හිමිවිය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 212ක් පමණීයි. ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 263ක ජයක් හිමිවිය.
 

More News..