brand logo

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කරයි

05 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය ඊයේ වාර්තා කළේය. ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5යි පන්දුවකදී සියලුදෙනා දැවී ලකුණු 201ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 78ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබී කඩුළු 4ක් දවා ගත්තේය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පන්දුවාර 41කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළ අතර, ඇෆ්ගනිස්ථානයට මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා හිමිවූයේ ලකුණු 187ක් පමණීයි. ඒ අනුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 4කදී ලකුණු 152කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේය. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුළු 4ක් සහ ලසිත් මාලිංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ වීරයා සම්මානය නුවන් ප්‍රදීප්ට හිමිවිය.
 

More News..