brand logo

ශ්‍රී ලංකාව ලකුණු 231ට කඩුළු 6යි - සිව්වැනි දිනය නිමාවට පත්වෙයි

29 December 2018

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබෙනවා. දිනය නිමාවන විට ලකුණු 660ක අභියෝගයක් භාර ගනිමින් පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළ 6ක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන සිටිනවා. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 429ක් ලබාගත යුතු වනවා. දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි සුරංග ලක්මාල් නොදැවී ලකුණු 16ක් සහ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 22ක් ලබාගෙන සිටියා. කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් සහ නායක දිනේශ් චන්දිමාල් ලකුණු 56ක් රැස්කර ගැනීමට සමත් වුණා. මෙම තරගයේ පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 178ක් සහ ශ්‍රී ලංකා පිල ලකුණු 104ක් ලබාගත්තා. නවසීලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 4ක් දැවී ලකුණු 585ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළා. මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ අවසන් දිනය වන හෙට දිනය තුළ ලකුණු 429ක් ලබාගත යුතුව තිබෙනවා.
 

More News..