brand logo

ශ්‍රී ලංකාව ලකුණු 137ක් ඉදිරියෙන්

19 May 2022

ශ්‍රී ලංකාව කඩුළු 6ට ලකුණු 209යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනයේ තේ පැන් පානය සදහා තරගය මේ වන විට නතර කර තිබේ. මේ වන විට දෙවැනි ඉනිම සදහා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුළු 6ක් දැවී ලකුණු 205ක් රැස්කර ගෙන සිටියි. දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 48කට දැවී ගියේය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 465ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට ලකුණු 137ක් ඉදිරියෙන් සිටියි. අද තරගයේ පස්වන දිනයයි.
 

More News..