brand logo

ශ්‍රී ලංකාව පිළිතුරු පළමු ඉනිමට ලකුණු 88යි කඩුළු 4යි දිනය නිමාවට පත්වෙයි

26 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබෙනවා. දිනය නිමාවන විට පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 88ක් රැස්කර ගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27ක් සහ රොෂේන් සිලාව් ලකුණු 15ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 8යි, දිමුත් කරුණාරත්න ලකුණු 7ක්, නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 6ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 15ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 178ක් රැස්කර ගත්තා. ටිම් සවුති ලකුණු 68ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුළු 5ක් දවාගත්තා. ලහිරු කුමාර කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා. හෙට (27) තරගයේ දෙවැනි දිනයයි.
 

More News..