brand logo

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 493ක් රැස්කරයි

01 May 2021

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 493ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. කඩුළු 7ක් දැවී ලකුණු 493ක් රැස්කර ගෙන සිටියදී ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න විසින් පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව බංග්ලාදේශ පිල මේ වන විට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදී පන්දුවට පහරදෙමින් සිටියි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 140ක් ලබා ගැනීමට සමත් විය. නායක දිමුත් කරුණාරත්න ද ලකුණු 118ක් ලබාගත්තේ. ඊට අමතරව ඕෂද ප්‍රනාන්දු ලකුණු 81ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 77ක් ලබාගත්හ.
 

More News..