brand logo

ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ සටනක

26 January 2019

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි ඉනිම සදහා තරඟයේ තුන්වන දිනය වන අදි දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහරදෙමින් සිටිනවා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සදහ මේ වන විට කඩුළු 4ක් දැවී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 52ක්. නොදැවී පන්දුවට පහරදෙන ලහිරු තිරිමාන්න ලකුණු 18ක් සහ ධනංජය ද සිල්වා එක් ලකුණක් ලබාගෙන සිටිනවා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 3ක්, කුසල් මෙන්ඩිස් එක් ලකුණක්, රොෂේන් සිල්වා ලකුණු 3ක් ලබාගත් අතර, නායක චන්දිමාල්ට කිසිදු ලකුණක් ලබාගත හැකි වූයේ නැහැ. පන්දු යැවීමේදී Pat Cummins විසින් කඩුළු 4ම දවාගනු ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 144ක් ලබාගත් අතර, ඕස්ට්‍රේලියානු පිල ලකුණු 323ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ලකුණු 127ක් පසුපසින් සිටිනවා.
 

More News..