brand logo

ශ්‍රී ලංකාව පරදවා එක්දින තරඟාවලිය නවසීලන්තය ජයගනී

08 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තෙවන සහ අවසන් එක්දින තරඟය ලකුණු 115කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා. නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 4ක් පමණක් දැවී නවසීලන්ත පිතිකරුවන් ලකුණු 364ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 137ක් ලබාගත්තා. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ද ඇතුළත් වනවා. නොදැවී පන්දුවට පහරදුන් හෙන්රි නිකලොස් ලකුණු 124ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා. ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක් දවාගත්තා. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා පන්දුවාර 41යි පන්දු 4කදී දැවී ලබාගත්තේ ලකුණු 249ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා අද දිනයේ ද හුදකලා පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 80ක් ලබාගැනීමට සමත් වුණා. තිසරගේ ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වනවා. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 46ක් සහ කුසල් පෙරේරා ලකුණු 43ක් ලබාගත්තා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මෙම තරඟය ලකුණු 115කින් ජය ගත්තා. නවසීලන්තය තරඟ 3ට 0ක් ලෙස තරගාවලිය ජය ගනු ලැබුවා.
 

More News..