brand logo

ශ්‍රී ලංකාව කියන්නේ භයානක කණ්ඩායමක්

04 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු තරගය කඩුළු 8කින් ජය ගැනීමෙන් අනතුරුව ලැබූ ජයග්‍රහණය පිළිබදව මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වත්මන් තත්ත්වය පිළිබදව ද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඩු ප්ලෙසිස් අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු කියා සිටියේ තම කණ්ඩායමේ 70%ක් සිටින්නේ නවක ක්‍රීඩකයින් බවයි. මෙය නවක ක්‍රීඩකයින් සමග ලැබූ ජයග්‍රහණයක් බවයි ඩු ප්ලෙසිස් කියා සිටියේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වෙමින් ඩු ප්ලෙසිස්..... "මම පුදුමවෙලා ඉන්නේ මේ ජයග්‍රහණය ලැබූ කණ්ඩායමත් එක්ක තවත් මාස 3 - 4කින් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න. ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවරය තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළයි. ඔවුන් තවමත් එක්දින කණ්ඩායම අත්හදා බලමින් ඉන්නේ, ලෝක කුසලානයට සූදානම් වීම සදහා. මාලිංග නැවතත් කණ්ඩායමට එකතුවෙලා ඉන්නවා, ඔහුට ලොකු පළපුරුද්දක් තියෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තටම භයානක කණ්ඩායමක්. ඔවුන් ටෙස්ට් වලින් ඉදිරියට ඇවිත් තියෙනවා වගේම ටිකෙන් ටික නැවත එක්දින තරගවලින් ඉදිරියට එයි."
 

More News..