brand logo

ශ්‍රී ලංකාවේ විදේශීය සරණාගතයින් 1670ක්

16 May 2019

ශ්‍රී ලංකාව තුළ විදේශීය සරණාගතයින් 1670දෙනෙකු රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඔවුන් සියලුදෙනා සරණාගතභාවය සහ දේශපාලන රැකවල් පතා මෙරටට පැමිණි අය වේ. ඉකුත් මාර්තු 31 වැනිදා වනවිට විදේශික සරණාගතයින් 851දෙනෙකු සහ දේශපාලන රැකවල් ඉල්ලා පැමිණි විදේශිකයින් 819 දෙනෙකු ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාල නිල වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ. එම විදේශීය සරණාගතයින්ගෙන් වැඩි පිරිසක් පාකිස්ථානු ජාතිකයින් වේ.
 

More News..