brand logo

ශ්‍රී ලංකාවේ මානසික ලෙඩ්ඩු 3500 ක් වසරකට දිවි නසාගනිති

10 February 2020

විවිධ මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3500 ක් පමණ සියදිවි නසා ගන්නා බව කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක ‘අරුණ’ ට පැවැසීය. ඉන් වැඩි පිරිසක් සියදිවි නසා ගන්නේ වයස අවුරුදු 15 ත් 40 ත් අතර පුද්ගලයන් බවද හෙතෙම කියයි. ‘‘මානසික රෝග අතර වැඩි පිරිසකට බහුල වශයෙන්ම මානසික අවපීඩන තත්ත්වය හටගන්නවා. එම තත්ත්වය සියදිවි නසා ගැනීමට ප්‍රධානතම හේතුව. පුද්ගලයන් පස්දෙනකු ගත් විට ඉන් එක් අයකු මානසික අවපීඩනයට ගොදුරු විය හැකියි. 2020 දී ලෝකයේ දෙවැනි ස්ථානයට පත්විය හැකි වැඩිම අසනීපය මානසික අවපීඩනයයි. එමෙන්ම කාන්තාවන් පිරිමි පුද්ගලයන්ට වඩා මෙම තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව වැඩියි. කාන්තාවන් සිව්දෙනකුගෙන් එක් අයකුට මෙම තත්ත්වය ඇතිවෙනවා. පිරිමි පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකුට එය ඇතිවේ. ඊට හේතුව කාන්තාවන්​ගේ ඇතැම් හෝමෝනවල රසායනික වෙනස්කම් සිදුවීම මගින් මානසික අවපීඩනයට ගොදුරුවීමේ හැකියාව වැඩිවීමය. මෙම තත්ත්වය වළක්වා ගත හැක්කේ නිසි ප්‍රතිකාර සහ උපදේශන ලබාගැනීමෙන් පමණයි. මෙයට ගොදුරු වී ඇති වැඩි පිරිසක් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අකැමැත්ත පළකරන බව පැවසෙනවා. ඊට හේතුව වන්නේ එම රෝගී තත්ත්වය වෛද්‍යවරයාට ප්‍රකාශ කිරීමට ඇති ලැජ්ජාවයි. එමෙන්ම මිථ්‍යා විශ්වාසයි. චාමර පල්ලේගෙදර
 

More News..