brand logo

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට රුසියාවේ අවධානය

12 February 2020

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක්(NPP) පිහිටුවීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති යූරි මැටරි රුසියන් ස්පුට්නික් සගරාව සමඟ සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කරයි. "ශ්‍රී ලංකා රජය පරිසර දූෂණයෙන් තොර බලශක්තියට කැමැත්තක් දක්වනු ලබනවා. ගල් අඟුරු සහ දැවී තෙල් ක්‍රමයෙන් ගෑස් හා විකල්ප බලශක්ති ප්‍රභවයන් මගින් ප්‍රතිස්ථාපනය කිරීම අරමුණු කර ගෙන ඇති බැවින් දිගුකාලින ක්‍රමවේදයක් සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා." ඒ සම්බන්ධයෙන් වන උත්සාහයන් දැනටමත් ආරම්භ කර ඇති බව එම සාකච්ඡාවේදී තානාපතිවරයා කියා සිටියි. ශ්‍රී ලංකා බලධාරීන් හමුවී 2017 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් වන අන්තර් රාජ්‍ය ගිවිසුම ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්ද රුසියානු න්‍යෂ්ටික සමාගම වන Rosatom හි නිලධාරීන් විසින් සිදු කර ඇත.
 

More News..